බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර පළාතේ අද දිනය පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙනවා.

එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් එලෙසම විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බවයි සඳහන්.

තවද සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.

උතුරු සහ උතුරුමැද පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *