දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දිවයිනට

ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද  රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිත බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

දේවගැති ජෙරම් අද පෙරවරුවේ ඔහුට අයත් කටුනායක මිරැකල් ඩෝම් ශාලාවේ රැස්වීමක් පවත්වන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණත්, පසුව පියවර ගෙන තිබුණේ එය අවලංගු කිරීමටයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග එය රට තුළ දැඩි කතාබහට ලක්වුණේ, අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කිරීමත් සමගයි.

ඒ අනුව ඔහුගේ ප්‍රකාශ පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *