රෝස මල් වගාවට වැඩි ඉල්ලුමක්

රෝස මල් වගාව සඳහා මේ දිනවල විශාල ඉල්ලු‍මක් පවතින බව මල් වගාකරුවන් පවසනවා.

වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල, බොරලන්ද , දියතලාව , බණ්ඩාරවෙල සහ නුවරඑළිය ප්‍රදේශයන්හි රෝස මල් වගා කරනු ලබනවා.

කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය වසරවල දී මල් වගාකරුවන් දැඩි අර්බුදයකට මුහුණදී සිටියා.

කෙසේ වෙතත්, වගාකරුවන් කියා සිටියේ රෝසමල් වගාව සදහා භාවිත කරන රසායනික පොහොර සහ අනෙකුත් යෙදවුම් වල මිල පහළ යන්නේ නම් තමන්ගේ ආර්ථික තත්ත්වයට එය යහපත් ලෙස බලපානු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *