පුතා විසින් පියා ඝාතනය කරයි

වැලිපැන්න හිරිවැද්දල නිවෙසක දී 32 හැවිරිදි පුතා 73 හැවිරිදි පියාට පහරදී මරාදමා ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස තම නිවසේදීම ඝාතනය වී ඇත්තේ කත්‍රිආරච්ච්ගේ ලයනල් සිරිවර්ධන නැමැති පුද්ගලයෙක් .
පියා ඝාතනය කළ බව කියන පුතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.
වැලිපැන්න පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කළ විමර්ශනයයෙන් අනාවරණය වී ඇත්තේ පිය පුතු දෙදෙනා බීමත්ව සිට බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.