ප්‍රමිතියෙන් තොර ආලේපන තොගයක් වටලයි

කාන්තාවන්ගේ සම පැහැපත් කරන ආලේපන ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් තොර කීම් වර්ග ඇසුරුම් කරන කොටහේන එල් බි පෙරේරා මාවතේ ස්ථානයක් වැටලූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය පවසනවා.
ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග ඇසුරුම් කරන බවට පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙන අතර පාකිස්ථානයෙන් ආනයනය කරන ලද ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද කීම් වර්ග මෙම ස්ථානයේ ඇසුරුම් කරන බවට වැටලීමේදී අනාවරණය වී තිබෙනවා.