තරුණියකට අතවර කළ පූජකවරයෙකු අත්අඩංගුවට

අසනීපයකට ප්‍රතිකාර කරන මුවාවෙන් තරුණියක් දූෂණය කළ කෝවිලක පූජකවරයෙකු ඔඩ්ඩුසුඩාන්පොලීසිය විසින් ඊයෙ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණිය වයස අවුරුදු 20ක් වන එම ප්‍රදේශයයේ පදිංචිකාරියක්.

ඇයට තිබූ අසනීප තත්ත්වයක් පූජකයාට පැවසීමෙන් අනතුරුව එයට ප්‍රතිකාර ලෙස ගංජා මිශ්‍ර රොටි ආහාරයට ලබාදී මත් පැන් පොවා අදාළැ තරුණිය දුෂණයට ලක්කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිදුවීමට සම්බන්ධ පූජකවරයාට ආධාර අනුබල දුන් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *