ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වත්තල, මීගමුව, කැලණිය, මහර, අත්තනගල්ල හා ජාඇළ යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් පාඬිකෝරාල පවසනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ, දිනකට ඩෙංගු රෝගීන් 400කට අධික සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බවයි.
පවතින වැසි සහිත කාලගුණයත් සමග දිනෙන් දින හිස ඔසවන ඩෙංගු මදුරු ගහණය පාලනය සඳහා මේ වනවිට දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මකයි.
මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 370 න් 59 ක් ඩෙංගු අධි අවදානම් කොට්ඨාස ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහන උපුටා දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ.
මෙරට ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 ක්ම වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන්.