සතොස නඩුවෙන් හිටපු ඇමති ජොන්ස්ටන් නිදහස්

සතොස සේවකයින් සහ ඔවුන්ගේ සේවකයන් රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමේ චෝදනාව එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය අභියස මූලික විරෝධතා මතුකළ බවටයි වාර්තා වූයේ.
මෙම මූලික විරෝධතාවය පිළිගත් විනිසුරු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළුව සතොස ආයතනයේ හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මෙලෙස නිදහස් කිරීමටයි නියම කර ඇත්තේ.