ලොව අඩුම ගුරුත්වාකර්ශනය ශ්‍රී ලංකාවේ

පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය පවසනවා.

භූ විද්‍යාත්මකව පෘථිවි අභ්‍යන්තරය බෙහෙවින් වෙනස් වන සුළු බැවින් පෘථිවිය මතුපිට වස්තූන්ගේ බරට ගුරුත්වාකර්ශනය බලපාන බව චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකරන ලද නාසා ආයතනයේ ග්‍රේස් මෙහෙයුමට අනුව සොයාගනු ලැබුවා.

1960 වර්ෂයේදි කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරන ලද පර්යේෂණයකදී හදුනා ගැණුනේ පානදුර, ගාල්ල, මාතර, හම්බන්තොට ආදි ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීර බර යම් ප්‍රමාණයකින් අඩුවීමට හේතුව සම්බන්ධයෙන් විද්‍යාඥයින් මෑතකදී පර්යේෂණයක් සිදුකර තිබුණා.

එම සංචාරකයන් තුර්කිය වැනි රටකට ගිය පසු ඔහුගේ බරෙහි යම් වැඩිවීමක් සිදුවන බවටයි සොයාගෙන තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *