උතුරු පළාතේ ආණ්ඩුකාර නව පී.එම්.එස්.චාර්ල්ස්ට විරෝධය පළකරමින් යාපනය නගර සභා මාර්ගය අසලදී පිරිසක් අද විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
එලෙස ඇය උතුරු පාළාතේ ආණ්ඩුකාරධූරයට පත් වී ඇත්තේ දෙවන වරටයි.
ඇය වසර තුනක පමණ උතුරේ සේවය කළ නමුත් එම කාලයේ දී එම පළාතට කිසිදු සේවාවක් හෝ මහජනයාගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමක් සිදු නොවූ බවයි විරෝධතාකරුවන් කියා සිටින්නේ.
ඇයව යළිත් ආණ්ඩුකාරධූරයට පත්කොට ඇත්තේ ඇගේ දක්ෂකම නිසා නොව මැතිවරණ කොමිසමේ රැඳෙමින් ඇය ලබා දුන් දායකත්වය වෙනුවෙන් පමණක් බවද විරෝධතාකරුවෝ කියා සිටියා.
ඇයට එරෙහිව දූෂණ චෝදනා රැසක් ඇති බවත් ඇය ආණ්ඩුකාරධූරයේ සිටි කාලයේ දී ඇයගේ පවුල වෙනුවෙන් උපයා ගත් නීති විරෝධී දේපළ සම්බන්ධයෙන් ද වහාම පරීක්ෂණ පවත්වා ඇයව අත්අඩංගුවට ගත යුතු බවයි විරෝධතාකරුවන් හඩ නගමින් කියා සිටින්නේ.