අන්තරේ කැඳවුම්කරු ඇතුළු හත් දෙනා අද අධිකරණයට

කැලණිය විශ්වවිද්‍යාලය අසල උද්ඝෝෂණයක් අතරතුර පොලිසියේ රාජකාරියට බාධා කළ බවට අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 7 දෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළා.
ඊයේ දිනයේ ඔවුන් අත් අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් යන කාරණා මූලික කර ගනිමින්.
අදාළ විරෝධතාවය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සිසුන් කැලණිය සරසවිය අසල දී ආරම්භ වී තිබුණා.