“හූකා” දුම්කොළ කිලෝග්‍රෑම් 8,010ක් රේගු භාරයට

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු විශ්ලේශණයෙන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සැක කටයුතු බහාලුමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම බහාලුම පරීක්ෂා කිරීමේ දී එය තුල තිබී ශිෂා නමැති උපකරණය භාවිතා කර වාෂ්ප දුම් පානය සඳහා අවශ්‍ය වන හූකා තරලය (Hookah Tobacco) අඩංගු පැකට්ටු තොගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහි මුළු ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 8010ක් වන ග්‍රෑම් 50 බැගින් අඩංගු කුඩා පැකට්ටු 160,200 ක් අඩංගු වී තිබෙනවා.
මෙහි වෙළඳපළ වටිනාකම රුපියල් 164,000,000ක් පමණ වන බවට තක්සේරු කර තිබෙන්නේ.
මෙම තරලය තුල නිකොටින් 0.05% අඩංගු අතර මෙය ලංකාවට ආනයනය සීමා කර ඇති ද්‍රව්‍යයක්.
මෙම බහාලුම ව්‍යාජ සමාගමක නමට ශ්‍රී ලංකාවට ඒවා තිබූ බවයි වාර්තා වන්නේ.