වගාවන්හි ආරක්ෂාව සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු අවම වගා භූමි ප්‍රමාණය අක්කර පහ දක්වා සංශෝධනය කිරීමටද රජය තීරණය කර ඇති බවයි ඔහු පවසා සිටියේ.

විවිධ සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වගා ආරක්ෂාව සඳහා ගිනි අවි භාවිතය සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *