දහතුන් හැවිරිදි දරුවෙකු පුළුස්සා තුවාල සිදුකල චීවරධාරියෙකු අත්අඩංගුවට

දහතුන් හැවිරිදි පිරිමි දරුවකුගේ ශරීරය තුල සිටින බව කියන යක්ෂයෙකු එලවීමට යැයි පවසා එම දරුවා පුළුස්සා බරපතළ තුවාල සිදුකළ චීවරධාරියකු වීරවිල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චීවරධාරියකු ලෙස පෙනී සිටීමෙන් දේවාලයක් පවත්වාගෙන යන 68 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
දරුවාගේ ශරීරය තුළ යක්ෂයකු සිටී නම් ගින්දර රස්නය ඇඟට නොදැනෙන බව පවසමින් එම දරුවාගේ අත්ල මත කපුරු තබාගිනි දල්වා ඇති බව පොලිසිය පවසනවා.
එම දරුවාගේ මව විදෙස්ගතව සිටින අතර මිත්තනිය සමඟ ජීවත් වන මෙම දරුවාගේ පියාද මොවුන් හැර දමා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
තුවාල ලැබූ දරුවා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන්පසු කරාපිටිය රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා එම දරුවා යොමු කර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.