දකුණු මුහුදේ දී යාත්‍රාවක් සමඟ හෙරොයින් තොගයක් අත්අඩංගුවට

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක දී, මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද දින එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි කටයුතු සඳහා කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.