ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
ඔහු 60 සහ 70 යුගයේ අංක එකේ සහ වැඩිම ඉල්ලුමක් ඇති තරුව ලෙස ද හදුන්වනු ලබයි.
‘ඇළ දොළ ගඟ’, ‘කටුරොද ගම්මානේ’, ‘වතුර නල’, ‘රෝස මලක් දුටුවම’, ‘මැණිකා මැණිකා’, ‘වීණා විල මැද ඕලු මලේ’, ‘මුතු බෙල්ලෝ’ තවමත් ගුවන් විදුලි නාලිකාවලින් විකාශය වන ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයකි.
ආදිහෙට්ටිගේ ක්‍රිස්ටෝපර් එමානුවෙල් පෝල් 1936 අප්‍රේල් 10 වැනි දින මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු හමුදා නිලධාරියකු සහ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සේවකයකු වූ එස් ඒ පෝල්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස උපත ලැබීය.