අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *