අක්‍රීය ගූගල් ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

වසර දෙකකට වැඩි කාලයක් අක්‍රිය තත්ත්වයේ පවතින ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරිත්වය දරණ ඇල්ෆබට් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක කාලයක් අක්‍රිය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත්කෙරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අනවසර පිවිසීම් ඇතුළු නීතිවිරෝධි ක්‍රියා වැළැක්වීම මෙහි අරමුණයි.
ඒ අනුව මෙම තීරණයත් සමඟ අක්‍රිය ගිනුම් හරහා ජී මේල්, යූ ටියුබ් සහ ගූගල් ඩ්‍රයිව් මෙන්ම ගූගල් ෆොටොස් වෙතද එක්කර ඇති ඡායාරූප සහ වීඩියෝ මැකී යනු ඇති.