ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලෝක බැංකු නියෝජිතයින් සහ අමාත්‍ය කංචන විජේසේකර සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංග්ලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා මෙම සාකච්ජාවට එක් වී තිබෙන බව සඳහන්.
මෙරට සුළං බල ව්‍යාපෘති මෙන්ම ඉදිරි පුනර්ජනනීය බලශක්ති වෙනුවෙන් ලෝක බැංකුව ලබා දෙන මූල්‍ය සහය පිළිබඳ කංචන විජේසේකර අමාත්‍යවරයා ස්තූතිය පළ කර තිබෙන බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *