මෝඛා සුළි කුණාටුවෙන් මියන්මාරයේ 81ක් මරුට

මියන්මාරයට බලපෑ මෝඛා සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 81 දක්වා ඉහල ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා අනතුරු හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා අනතුරුවලින් මියගිය සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බව එරට බලධාරින් ප්‍රකාශ කළා.
සුළි කුණාටුව හේතුවෙන් තාවකාලික වාසස්ථාන රැසක් විනාශ වී තිබෙනවා.
ගෙවුණු වසර 10ක කාලය තුළ එරට ගොඩබිමට පැමිණි ප්‍රබලතම කුණාටුව මෙය බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම තත්ත්වය නිසා එරට සන්නිවේදන කටයුතු වලටද බලපෑම් එල්ල වී තිබෙනවා.