මහඉලුප්පල්ලම ප්‍රදේශයේ රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

කැකිරාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවෙක් බව සඳහන්.
මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වී පාපැදියෙන් යළි නිවසට පැමිණෙමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට ඔහු මුහුණ පා ඇති අතර මෙහිදී සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය සිසුවාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණද ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.