දැරියක් අපයෝජනය කළ චීවරධාරියෙකු රක්ෂිත බන්ධනාගාරයට

මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන හිමි නමක් විසින් 11 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්
අදාළ හිමිනම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපයෝජනයට ලක්වූ දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධයෙන් පවත්වා ඇති 62 හැවිරිදි අදාළ හිමිනම ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ දී දැරිය අපයෝජනයට ලක් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
36 හැවිරිදි දැරියගේ මව විසින් එම ස්ථානයට දැරිය රැගෙන ගොස් ඇති අතර එහි දී මවට අධික ලෙස මත්ද්‍රව්‍ය ලබා දී නිදාගැනීමට සලස්වා දැරිය අපයෝජනය කර තිබෙනවා.
දින දෙකක් මෙලෙස දැරිය අපයෝජනයට ලක් වී තිබුණ ද මව විසින් දැරියට මෙම සිද්ධිය කිසිවෙකුට නොපවසන ලෙස තර්ජනාත්මකව බැන වැදී තිබෙනවා.
කෙසේ වෙතත් 11 හැවිරිදි දැරිය සිය පියාට හා මිත්තණියට සිද්ධිය පැවසීමෙන් පසු පියා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අදාළ හිමිනම සහ සිද්ධියට අනුබලදුන් මව අත්අඩංගුවට ගනු ලැබුවේ.