අද උණුසුම් දර්ශකය ඉහළට

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අද දිනයේ උණුසුම් දර්ශකය අවධානය යොමුකළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඬු පෙරළීම් වැනි තත්වයන්ද ඇතිවිය හැකි අතර ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටීම මෙන්ම කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොසිටීමද සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ.
පවතින උණුසුම හමුවේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.