වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අද පස්වරුවේ කොළඹ – හෝටන් පෙදෙස ආසන්නයේදී ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
කොළඹ නෙළුම් පොකුණ අසළින් ආරම්භ කළ මෙම විරෝධතාවට දිවයිනේ සියලුම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබුණේ රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටළුවලට විසඳුම් ඉල්ලා සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ උත්සහයට විරෝධය පළ කරමින්.
මෙම විරෝධතාව හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගය අවහිර වී තිබූ අතර, එය මේ වනවිට යථා තත්වයට පත්ව තිබෙනවා.