දේවගැති ජෙරම් රටින් පලා යයි

ආගමික සහජීවනය ට බාධා වන අන්දමේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (15) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.

ඔහු අද අළුයම කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් සදහන් කළේ ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පුජාප්‍රසාදිතුමකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ අයෙකු නොවන බවයි.

මේ අතර ජෙරම් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශය හෙළා දකින බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර , බුදුන් වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *