දෙනිපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ දෙනිපිටිය මුල්ලබොක්ක පාරට හැරෙන හන්දිය අසලදී ඊයේ (15) වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුදලයින් දෙදෙනෙකු හට මෙලෙස නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරු පැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වන වැලිගම පැලෑන පදිංචි කරුවෙක් බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *