ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

බද්දේගම, නියාගම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිංගඟ නිම්නයේ හෙට (17) දින පවස්වරු 2 දක්වා වු කාලය තෙක් පහත්බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුරක් ඇති විය හැකි බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
එහිදී ගිං ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන් ද මේ පිළිබඳ දැනුවත් වීම වැදගත් බවයි එහි සඳහන් වන්නේ