කලාප 59කට ඩෙංගු අධි අවදානමක්

වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා විය හැකි අධි අවධානම් කලාප 59ක් සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා සිදු කළ පරීක්ෂා කිරීම්වලදී නිවාස 1,308කට ඩෙංගු අවදානම සහිත රතු නිවේදන නිකුත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළා.
වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 33,742 දෙදෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
ඒ අතරට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7017ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7602ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1984 දෙනෙකු අයත්.
ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 22ක්.
මහනුවර, කෑගල්ල, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා.