අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත්වී තිබෙනවා.
අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බවයි වාර්තා වන්නේ.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත්වන විට 84 වියෙහි පසුවුණා.
1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලුකාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූ දොඩම්පහළ චන්දසිරි හිමියන් මාතර, වීරබා පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවා.