සිසුන්ගෙන් මුදල් සහ ජංගම දුරකථන කොල්ලකෑ දෙදෙනෙකු සොයා විමර්ශන

උපකාරක පන්ති යන බව පවසා විනෝද ගමනක් ගිය සිසුන්ගෙන් මුදල් සහ ජංගම දුරකථන කොල්ලකෑ දෙදෙනෙකු සොයා අවිස්සාවේල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසක් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසා නිවෙස්වලින් පිටත්ව ගොස් තිබූ අතර ඔවුන් පන්තිවලට සහභාගී නොවී අවිස්සාවේල්ල වෙහෙර කඩගල විහාරස්ථානයේ කඳු ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබුණා.

එම ස්ථානයට පැමිණි යකඩ පොලු රැගත් දෙදෙනෙකු විසින් සිසුන් දණ ගස්වා ජංගම දුරකථන සහ මුදල් රැගෙන පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
අවිස්සාවේල්ල පොලිසිය විසින් මෙම සිසුන්ගේ භාණ්ඩ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *