සාරංගි සිල්වා සිකෝ ගෝල්ඩ් ග්‍රෑන්ඩ්ෆික්ස් තරගාවලියට සුදුසුකම් ලබයි

ලබන 21 වනදා ජපානයේදී ආරම්භවීමට නියමිත සිකෝ ගෝල්ඩ් ග්‍රෑන්ඩ්ෆික්ස් විවෘත ශ්‍රේණි ගත කිරීමේ මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ දුර පැනීමේ ජාතික ශූරියක වන සාරංගි සිල්වා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
මීටර 6 යි දශම හයයි පහක උපරිම දක්ෂතාවක් දක්වා ඇති සාරංගි, මෙම ඉසව්වේ අවසන් වරට දැක්වූ දක්ෂතාව මීටර හයයි දශම හතරයි දෙකක්.
සිකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ්ෆික්ස් සැළකෙන්නේ ඒ කාණ්ඩයේ ශ්‍රේණි ගත කිරීමේ මළල ක්‍රීඩා තරගාවලියක් ලෙසයි.
මෙම තරගාවලිය ලොව ප්‍රමුඛ පෙළේ මළල ක්‍රීඩකයින් රැසක් සහභාගිවන අතිශය තරගකාරී තරාගවලියක් වනවා.