වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනපුරා විටින් විටි පැයට කිලෝමීටර් 40 ත් 45 ත් අතර තද සුළං ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් නිල්වලා සහ ගිං ගංගාවල පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදැසන නිවේදනය කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *