නව විදුලිබල පනත් කෙටුම්පතේ ප්‍රගති සමාලෝචනය

නව විදුලිබල පනත් කෙටුම්පත හඳුන්වාදීමේ වැඩපිළිවෙල පිළිබඳ ප්‍රගති සමාලෝචනය කමිටු සාමාජිකයන් සමඟ ඊයේ පස්වරුවේ සිදුකර තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම කෙටුම්පත හඳුන්වාදීම සිදුකරන බවයි.

ඒ අනුව අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාළ කෙටුම්පත පරීක්ෂා කිරීම සිදු කෙරුණා.
එම කෙටුම්පතේ පිටපත් බලශක්ති විශේෂඥයන් වෙත බෙදාහැර ඔවුන්ගේ උපදෙස් සහ නිර්දේශ අනුව අවසන් කෙටුම්පත සකස් කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *