ජර්මනියෙන් යුක්රේනයට ඩොලර් බිලියන 3 ක් යුධ ආධාර

ඩොලර්

විදේශ රටවල් කිහිපයක සංචාරයක නිරතවන යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ යුද්ධයේ අවසානය තීරණය කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි.

එහිදී ජර්මානු ආණ්ඩුව යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක යුදමය ආධාර පැකේජයක්ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

රුසියානු ආක්‍රමණය හමුවේ යුද සහ මූල්‍යාධාර ලබාගැනීමේ අරමුණින් විදේශ රටවල සංචාරයේ යෙදෙන යුක්රේන ජනාධිපතිවරයා ඉතාලියේ සහ ප්‍රංශයේ සංචාරය කර අවසන්.

ඔහු වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ද මුණ ගැසී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *