ජපානයේ භූකම්පනයක්

ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බවයි.
කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන තිබෙන බව සඳහන්.
පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.