කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට

වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ, පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තාවූ සුළු ගං වතුර තත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.ගිං ගගේ ජල මට්ටමද බද්දේගම ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින අතර, තවලම ප්‍රදේශයේ ඇතිවී තිබු සුළු ජල ගැලීම් තත්වය අඩුවෙමින් පවතිනවා.
කළු ගඟේ ජල මට්ටමද මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් ඉහළ යන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.