ඉල්ලාපැපුවා නිව්ගිනියාවේ විදේශ ඇමති අස් වෙයි

පැපුවා නිව්ගිනියා විදේශ ඇමති ජසටින් කැචෙන්කෝට්ස්ට සිය ඇමති ධූරය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
තුන්වන චාල්ස් රජුහේ රාජාභිෂේකයට සහභාගී වීමේදි සිය දියණියද එම අවස්ථාවට සහභාගී කරවා ගෙන ඇති අතර ඇය සුඛෝපභෝගී ගුවන් යානයේ සිට කරන ටික්ටොක් වීඩියෝවන් සමාජ මාධ්‍යට මුදා හැරීමත් සමඟ ඇමති හට සිය ධූරය අහිමි වී තිබෙනවා.
මෙම සංචාරයට රජයේ මුදකින් ඩොලර් ලක්ෂ 9ක් වැය කර ඇති අතර එම සංචාරය සඳහා සිය බිරිඳවත් සහභාගී කරවා ගැනීමට කිසිදු අවසරයක් නොතිබූ වපසරියකයි ජස්ටින් කැචෙන්කෝ සිය දියණිය මෙම සංචාරය සඳහා සහභාගී කරගෙන ඇත්තේ.
ජස්ටින්ගේ දියණිය වන සවානා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇති අතර එහි සිට ලන්ඩනය බලා පැමිණෙමින් සිටිය දී පියාගේ වරප්‍රසාද යටතේ සංගප්පූරුවෙන් ගොඩ බැස සාප්පු සවාරියකද නිරත වී තිබූ බවයි සඳහන් වන්නේ.
රජයේ මුදක් අවභවිතා කරමින් දියණියද ලන්ඩනයට ගෙන්වා ගැනීම යන චෝදනා යටතේ ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
එම නිසා තමන් සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි ජස්ටින් කැචෙන්කෝ ප්‍රකාශකර සිටියේ.