ICC එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුබසී

නවතම ICC එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 08 වන ස්ථානයේ සිට 09 ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ඒ අවසන් වරට නවසීලන්තය සමඟ පැවති එක්දින තරඟාවලියේ පරාජයත් සමඟයි.
ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවන අතර පාකිස්ථානය සහ ඉන්දියාව පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථානවල රැදී සිටිනවා.
ශ්‍රී ලංකාව මීට පෙර රැදී සිටි 08 වන ස්ථානයේ දැන් පසුවන්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.