ඩෙංගු අවදානම තවත් ඉහළට

ඉදිරි මාස කිහිපයේ දී ඩෙංගු රෝගීන් තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ වසරේ ගත වූ කාලසීමාව තුල ඩෙංගු රෝගීන් 32,600ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ අගයක් බවයි එහි විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි ප්‍රකාශ කළේ.
එමෙන්ම පෙර වසරට වඩා ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා.
මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 16ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර, ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන් 40ක් පමණ මේ වනවිට ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.
ඊයේ කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඩෙංගු රෝගය වැළදී සුවය ලැබූ දරුවන් වෙහෙසකර කාර්යයන්ට යෙදවීම තුළින් අක්මාවට හානි සිදුවිය හැකි නිසා ඒ පිළිබද දෙමාපියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.