දුම්රිය සංකේත වැඩවර්ජනය අවසන් – අඛණ්ඩ වර්ජනයක් ගැනත් අනතුරු අගවයි

අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුමේධ සෝමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිය ගැටලුවට විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරි සතියේදී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවයි.

කෙසේ වෙතත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි, මෙහෙයුම් වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ වෘත්තීය සමිති තමන් ගන්නා තීරණ සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බවයි.
මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ  ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් ඊයේ  දිනයේ දී කාර්යාල ඇතුළු දුම්රිය ගමන්වාර 22ක් අවලංගු වුණා.

චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකුට වානිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහායි ඔවුන් මෙම වර්ජනය ඊයේ දිනයේ දී ක්‍රියාත්මක කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *