ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයේ 03වන දිනය අදයි

ටෙස්ට්

 

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.

 

ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 81 ක් රැස් කරගෙන සිටියා.

ඒ, අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු 492කට පිළිතුරු ලෙසයි.

නොදැවී කඩුල්ලේ රැදී සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 39ක් ලබා සිටි අතර නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 41ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව, තරඟයේ තුන්වන දිනය ආරම්භ වන්නේ කඩුලු 10ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 411ක් පිටුපසින් සිටිමින්.

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *