ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

ඩෙංගු රෝගය ව්‍යාප්තිය මර්දනය සඳහා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන සතියක් අද සිට ක්‍රියාක්මක වනවා.
ඒ, එළඹෙන නිරිත දිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පැවතීම හේතුවෙන්.
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගී 28,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වී ඇති අතර ඒ අතරින් සියයට 49ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ පැවසුවේ.