යේමනයේ පාසලක සිදු වු තෙරපීමකින් 78ක් මිය යයි

යේමනයේ සානා අගනුවර පාසලක රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදා දීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 78 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවද මෙම අනතුරෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 13 දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙළෙඳුන් විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා සිය ගණනක් දුප්පතුන් එක්රැස් වී සිටි ඇති අතර එක් පුද්ගලයෙකුට ඩොලර් 9 (පවුම් 7) පමණ වූ පරිත්‍යාග ලබා දෙන බවටයි සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *