පාසල් සිසුන් අතර මත්පෙති මාෆියාවක්

පාසල් සිසුන් අතර ඉතා සුලබ ලෙස මත් බෙහෙත් වර්ග, දුම්කොළ අශ්‍රිත නිෂපාදන සහ මත් වන ටොෆි වර්ග භාවිතයට ගැනීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි හා රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඉෂාරා වන්නිආරච්චි ඇතුලු පිරිසක් සිදු කළ අධ්‍යයනයක දී යි.

අයිස් හෙරොයින් වැනි බරපතළ මත්ද්‍රව්‍ය දකුණු පළාතේ පාසල් ළමයින් අතර මෙතෙක් භාවිතය වාර්තා වී නැති නමුත් පාසල්වල 9-10 ශ්‍රේණිවල සිසුන් අතර මෙවැනි ඇබ්බැහිවීම්වලට ගොදුරු වීමේ දැඩි අවධානමක් පවතින බවයි මෙම නවතම අධ්‍යයනය ඔස්සේ හෙළි වී ඇත්තේ.

මෙම යොමුවීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ දරුවන් හා දෙමාපියන් අතර පවතින දුරස්ථභාවය හා දරුවන් පිළිබඳ අවධානය යොමු නොකිරීම බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *