2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබෙනවා.
ෆෝබ්ස් ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ.
සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී ලංකාව මෙම වසරේ දී සංචාරය කිරීමට වඩාත් සුදුසු රාජ්‍යයක් බවටයි ප්‍රකාශ කර තිබෙන්නේ.
ඇයගේ මගපෙන්වීම යටතේයි ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත්තේ.
මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තරයෙන් තැනක් හිමිවීමට හේතුව වූයේ SLTPB 2022 හි Visiting Blogger වැඩසටහන යටතේ එම වසරේ දී ජුලියානා ලංකාවේ සිදු කළ සංචාරය බවයි වාර්තාවන්නේ.
එමෙන්ම නුවරඑළියේ පැමිණිමෙන් පුංචි එංගලන්තයක අසිරිය විඳගැනීමේ හැකියාවක් ඇති බව ද ඇය පෙන්වාදෙනවා.
ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නෙකුට ලැබිය හැකි සුන්දරතම අත්දැකීම් ලෙස පෙන්වාදෙන්නේ,