සුදු මැස්සා තවත් ප්‍රදේශ තුනක් ආක්‍රමණය කරයි

මීට පෙර වාර්තා නොවූ ප්‍රදේශ කිහිපයකින් සුදු මැස්සාගේ වර්ධනයක් වාර්තා වන බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
එහි පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි එස්. ආරච්චිගේ කියා සිටියේ යාපනය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල මෙලෙස සුදු මැස්සාගේ වර්ධනය දක්නට ලැබෙන බවයි.
සුදු මැස්සාගේ හානිය හේතුවෙන් මෙරට තැඹිලි වගාවට විශාල වශයෙන් හානි වී තිබෙනවා.
පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් පර්යේෂණ ආයතනය එක්ව තැඹිලි වගාව සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිලිවෙලක් පවත්වාගෙන යන බවයි, පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි එස්. ආරච්චිගේ වැඩිදුරටත් කියා සිටියේ