දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අදත් ඉහළට

නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද(16) දිනයේ දී උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා.

මීට පෙර ඊට ඇතුළත් වූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එම බලපෑම තරමක් අඩු වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් එළිමහනට නිරාවරණය වීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත්, දරුවන්ට හැකිතාක් දියර වර්ග පානයට ලබාදෙන ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිහිටියන්ට දැනුම් දුන්නා.

මේ අතර, පවතින කාලගුණ තත්වය මත බණ්ඩාරවෙල, කෑගල්ල සහ බලන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළව ඊයේ රාත්‍රියේ නායයෑම් අවදානමක් ප්‍රකාශයට පත් කෙරුණා.

එය අද රාත්‍රී 11 දක්වා ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *