චාල්ස් රජුගේ රාජාභිෂේකයට 5,000 ක බලඇණියක්

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයේ ආචාර පෙළපාලිය සඳහා හමුදා සාමාජිකයන් 5,000 කට අධික පිරිසක් සහභාගි කරගැනීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

ඊට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල 30 කට වැඩි සංඛ්‍යාවක ආරක්ෂක අංශ නිලධාරින්ද එක්කරගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලබන මස 06වන දා ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ සිදුකෙරෙන මෙම රාජකීය උත්සවය වෙනුවෙන් යානා 60 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි කරගනිමින් ගුවන් සංදර්ශනයක් මෙන්ම කාලතුවක්කු වෙඩි මුර ආචාර පුද කිරීම් ද ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *