අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය අද

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද(16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 10.00ට.

අද තරඟයේ දී ආරම්භක පිතිකරු ලෙස නිශාන් මධුෂ්ක පිටියර පිවිසීමට නියමිත අතර කඩුළු රකින්නා ලෙස සධීර සමරවික්‍රම කටයුතු කරනු ලබනවා.

මෙම තරඟය මෙන්ම 24 වනදා ඇරඹෙන දෙවන තරඟය ද ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *