ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද සිට

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ එළැඹෙන 17 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බවයි.
මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස සඳහන් කළා.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද (15) දිනයේ 10%ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරන බවයි